Rajya Vesak Opening Ceremony in Matale

The inauguration of the Rajya Vesak festival was held at Dharmaraja Piriven Temple in Matale (21) with the blessings of the Maha Sangharan, presided over by Prime Minister Dinesh Gunawardena. Also, the commemorative stamp on the occasion of 2024 Rajya Vesak festival was presented by the Minister of State for Media Shanta Bandara, Deputy Postmaster General for Operations Rajitha K. Ranasinghe, Central Province Deputy Postmaster General Chamishada Silva, Matale Divisional Post Superintendent Anura Ratnayake, was released there. Also, after the opening ceremony of the Rajya Vesak festival, the opening of the archeology exhibition hall which coincided with it was done under the chairmanship of the Prime Minister. The State Vesak festival program has been organized by the All Ceylon Education Protection Board, Buddhasasana, Ministry of Religious and Cultural Affairs, Department of Buddhist Affairs, Matale District Secretariat. Venerable Niangoda Vijitasiri Nahimi of the Malvathu Maha Vihara Sect of Shyamopali Sect, Reverend Anamaduve Dhammadassi Nahimi of the Asgiri Sect of Shyamopali Sect, Maha Nayaka Ederamulla of Amarapura Ariyawansa Saddhammuttika Sect Reverend Matale Kusaladhamma, Anunayaka of the Sri Lanka Ramayana Mahanikya, and Tri. Sectarian Maha Sangharatna, non-religious priests, Buddha Sasana Minister Vidura Wickramanayake, Central Province Governor Lalit Yu. Gamage, Minister of State Shantha Bandara, Members of Parliament Nalaka Bandara Kottegoda, Yadamini Gunawardena, Gunathilaka Rajapaksa, Rohini Kaviratne, Diyavadana Nilame Pradeep Nilanga Dela, Ambassadors of China, Vietnam, Korea, Pakistan High Commissioner, Indian Assistant High Commissioner and other embassy officials, Buddha Sasana Ministry Secretary Somaratne Vidanapathirana and many government officials and devotees participated in this event.

රාජ්‍ය වෙසක් සමාරම්භක උත්සවය මාතලේ දී !

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරන්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී (21) පැවැත්විණි. අඩුපහසුකම් සහිත විහාරස්ථානවල සංවර්ධන කටයුතු, පිරිවෙන් ස්වාමීන් වහන්සේලා සහ දහම් පාසල් දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැලසීම ආදී අරමුණු කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ආධාර ලබා දීම ද සංකේතවත් ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම 2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත කේ. රණසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති චමිශාද සිල්වා , මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී අනුර රත්නායක යන මහත්ම මහත්මිහුගේ ප්‍රධානත්වයෙන් එහිදී නිකුත් කෙරිණි. එමෙන්ම රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උත්සවයෙන් පසු එයට සමගාමී වූ පුරාවිද්‍යා ප්‍රදර්ශනය කුටිය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ. ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි, අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය එඬේරමුල්ලේ අමරමෝලි තිස්ස නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම නාහිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, චීන, වියට්නාම්, කොරියානු තානාපතිවරු, පකිස්ථානු මහ කොමසාරිස්, ඉන්දීය සහකාර මහ කොමසාරිස් ඇතුළු තානාපති නිලධාරීන්, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

மாத்தளையில் ராஜ்ய வெசாக் திறப்பு விழா

மாத்தளை தர்மராஜா பிரிவேன் கோவிலில் (21) மகா சங்கரனின் ஆசீர்வாதத்துடன் ராஜ்ய வெசாக் விழாவின் ஆரம்ப நிகழ்வு பிரதமர் தினேஷ் குணவர்தன தலைமையில் இடம்பெற்றது. மேலும், 2024 ராஜ்ய வெசாக் பண்டிகையை முன்னிட்டு நினைவு முத்திரையை ஊடகத்துறை இராஜாங்க அமைச்சர் சாந்த பண்டார, நடவடிக்கைகளுக்கான பிரதி தபால் மா அதிபர் ராஜித கே.ரணசிங்க, மத்திய மாகாண பிரதி தபால் மா அதிபர் சமிஷாத சில்வா, மாத்தளை பிரதேச தபால் அத்தியட்சகர் அனுர ரத்நாயக்க ஆகியோர் வழங்கி வைத்தனர். அங்கு விடுவிக்கப்பட்டது. மேலும், ராஜ்ய வெசாக் விழாவின் தொடக்க விழாவுக்குப் பிறகு, அதை ஒட்டிய தொல்லியல் கண்காட்சி கூடத்தின் திறப்பு விழா பிரதமர் தலைமையில் நடைபெற்றது. அகில இலங்கை கல்விப் பாதுகாப்புச் சபை, புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு, பௌத்த அலுவல்கள் திணைக்களம், மாத்தளை மாவட்ட செயலகம் ஆகியவற்றின் ஏற்பாட்டில் அரச வெசாக் விழா நிகழ்ச்சிகள் ஏற்பாடு செய்யப்பட்டுள்ளன.