Sri Lanka's first museum of ancient technology - Polonnaruwa

The only museum built on ancient technology in Sri Lanka is the "Museum of Ancient Technology" belonging to the National Museum Department, built in Polonnaruwa. Last (05) the National Museum Department, Central Cultural Fund, Archaeology Department, National Heritage Division staff and the minister in charge participated in an observation program at the Polonnaruwa Museum of Ancient Technology. Here, attention was focused on how the centre and Polonnaruwa historical shrines and archaeological sites can be developed in such a way as to attract local and foreign tourists. For this, the Minister of State for Highways Mr. Siripala Gamlath, the Hon. Member of Parliament Mr. Jagath Samarawickrama, the Chairman of Polonnaruwa Municipal Council Mr. Chanaka Ranasinghe, the former Presidential Coordinating Secretary Mr. Tharidu Kahandawa, the Additional Secretary (Development) of the National Heritage Division, Mrs. Nishanthi Jayasinghe, in the Central Cultural Fund Director General Prof. Gamini Ranasinghe and its officials, National Museum Department officials, archaeology officials and others participated in this. The minister in charge of the subject Mr. Vidura Wickramanayake gave instructions regarding the future promotion activities of this centre.

ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය - පොළොන්නරුව

ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිවී තිබෙන එකම කෞතුකාගාරය වන්නේ, පොළොන්නරුවේ ඉදිකරණ ලද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් “පුරාණ තාක්ෂණ කෞතුකාගාරය” යි. පසුගිය (05) දා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුම අංශයේ කාර්ය මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යතුමා පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ නිරීක්ෂණ වැඩසටහනක් සඳහා සහභාගී විය. මෙහි දී එම මධ්‍යස්ථානය ඇතුළු පොළොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ආකර්ෂණය වන ආකාරයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කළ හැකි ආකාරය පිලිබඳව අවධානය යොමු කෙරිණි. මේ සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මැතිතුමන්, පොලොන්නරුව මහ නගර සභාවේ සභාපති ගරු චානක රණසිංහ මැතිතුමන්, හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තරිදු කහඳව මැතිතුමන්, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ මහත්මිය, මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ඇතුළු එහි නිලධාරීන්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙම මධ්‍යස්ථානයේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලදී.

இலங்கையின் முதல் தொன்மையான தொழில்நுட்ப அருங்காட்சியகம் - பொலன்னறுவை

ஸ்ரீலங்காவின் தொழில்நுட்பம் தொடர்பாக இருப்பது ஒரே கௌதுக நிலையம் ஆகும், பொன்னறுவே புராண லோடு தேசிய கௌதுக நிலையத் திணைக்களம் மற்றும் “புராண தொழில்நுட்ப கௌதுக நிலையம்” y. கடந்த (05) கடந்த (05) தாதா தேசிய கௌதுகாயகத் திணைக்களம், மத்திய கலாசார நிதியம், புராவித்யா திணைக்களம், தேசிய பாரம்பரிய அமைச்சுக் குழு மற்றும் பொலொன்னறுவை தொழிநுட்ப கௌதுக நிலையத்தின் கண்காணிப்பு நிகழ்ச்சிக்காக பங்குபற்றினர். இங்கு உள்ள எம்மண்ட் மற்றும் ஃபோலோனருவா அமைந்துள்ள சித்ஸ்தானம் மற்றும் புராவித்யா இடங்கள் உள்ளூர் வெளிநாட்டு சுற்றுலாப் பயணிகளுக்கு ஆட்சேர்ப்பு வன வழியில் யடிதல வசதிகள் அபிவிருத்தி செய்யக்கூடிய சாத்தியக்கூறுகள் கவனம் செலுத்தப்பட்டது.