The State Christmas Festival was held grandly at the Bandarawela Dharmapadesa Centre!

For Christmas, which is celebrated with great devotion in commemoration of the birth of Jesus Christ, this year's State Christmas Festival was organized grandly at the Bandarawela Dharmapadesa Center by the Department of Christian Religious Affairs and the Ministry of Buddhasasana, Religious and Cultural Affairs. 38 female teachers who worked as Dhamma teachers in Badulla and Monaragala districts for more than 20 years were evaluated, and 24 female Dhamma school students who achieved national-level achievements in the All Sri Lanka Bible Knowledge Measurement Competition conducted by the Department of Christian Religious Affairs were also awarded certificates. And prizes were awarded here. Exercise books and school equipment worth more than Rs.700,000/- collected from various churches, temples, and schools in the capital by the Christian Religious Affairs Department task force for sharing during Christmas. It was also here that the titles of Badulla were handed over to His Holiness the Bishop for distribution without discrimination. In this program, which was decorated with various Christmas songs, dances, etc., all the 375 Dhamma teachers in the service of Badulla Padavi were appreciated and presented with prizes. Under the leadership of Bishop Jude Nishantha de Silva, the Bishop of Badulla, the worshipers and nuns, Buddhasasana Religious and Cultural Affairs Minister Vidura Wickramanayake, Christian Affairs Director Chaturi Pintu, Dhamma teachers, Dhamma school children, and others were also present on this occasion.

රාජ්‍ය නත්තල් උත්සවය බණ්ඩාරවෙල ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි !

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කරමින් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙවර රාජ්‍ය නත්තල් උත්සවය බණ්ඩාරවෙල ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලදී. වසර 20කට අධික කාලයක් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි දුෂ්කරතා මැද දහම් ගුරුවරියන් වශයෙන් සේවය කරන ලද ගුරුවරියන් 38 දෙනකු ඇගයීමට ලක් වූ අතර, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සමස්ථ ලංකා බයිබල් දැනුම මිනුම තරඟයේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද දහම් පාසල් සිසු සිසුවියන් 24 දෙනකු සඳහා ද සහතික හා ත්‍යාග මෙහිදී පිරිනැමිණි. නත්තල තුළ බෙදා ගැනීම අර්ථගැන්වීම උදෙසා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය විසින් අගනුවර විවිධ දේවස්ථාන, විහාරස්ථාන හා පාසල් වෙතින් එකතු කරගන්නා ලද රු.700,000/-කට අධික වටිනාකමින් යුතු අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් අතරේ ජාති, ආගම් භේදයකින් තොරව බෙදාදීම සඳහා බදුල්ල පදවි රදගුරු හිමිපාණන් වෙත භාර දීම ද මෙහි දී සිදුවිය. විවිධ නත්තල් ගායනා, නැටුම් ආදී අංග ගණනාවකින් අලංකාරවත් වූ මෙම වැඩසටහනේ දී බදුල්ල පදවියේ සේවයේ නියතු දහම් ගුරුවරුන් 375 දෙනාම අගයමින් ඔවුනට ත්‍යාග පිරිනැමීම ද මෙහි දී සිදුවිය. බදුල්ල රදගුරු අති උතුම් ජූඩ් නිශාන්ත ද සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේගේ ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේලා හා පැවැදි සොයුරියන්ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු යන යන මහත්ම මහත්මිහු, දහම් ගුරුවරු, දහම් පාසල් දරුවන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

பண்டாரவளை தர்மபதேச மையத்தில் அரச நத்தார் விழா பிரமாண்டமாக நடைபெற்றது!

இயேசு கிறிஸ்து பிறந்ததை நினைவுகூரும் வகையில் பக்தி பரவசத்துடன் கொண்டாடப்படும் கிறிஸ்மஸ் பண்டிகைக்காக இந்த வருட அரச நத்தார் விழா பண்டாரவளை தர்மபதேச நிலையத்தில் கிறிஸ்தவ சமய அலுவல்கள் திணைக்களம் மற்றும் புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சின் ஏற்பாட்டில் பிரமாண்டமாக ஏற்பாடு செய்யப்பட்டிருந்தது. கிறிஸ்தவ சமய அலுவல்கள் திணைக்களத்தினால் நடாத்தப்பட்ட அகில இலங்கை வேதாகம அறிவு அளவீட்டு போட்டியில் பதுளை மற்றும் மொனராகலை மாவட்டங்களில் 20 வருடங்களுக்கு மேலாக தம்ம ஆசிரியைகளாக கடமையாற்றிய 38 பெண் ஆசிரியைகளும், தேசிய மட்டத்தில் சாதனை படைத்த 24 பெண் தம்மா பாடசாலை மாணவர்களும் மதிப்பிடப்பட்டனர். சான்றிதழ்களும் வழங்கப்பட்டன. மேலும் இங்கு பரிசுகள் வழங்கப்பட்டன. கிறிஸ்துமஸின் போது பகிர்வதற்காக கிறிஸ்தவ சமய விவகார திணைக்களத்தின் பணிக்குழுவினால் தலைநகரில் உள்ள பல்வேறு தேவாலயங்கள், கோவில்கள் மற்றும் பள்ளிகளில் இருந்து சேகரிக்கப்பட்ட ரூ.700,000/-க்கும் அதிகமான மதிப்புள்ள உடற்பயிற்சி புத்தகங்கள் மற்றும் பள்ளி உபகரணங்கள். இங்குதான் பதுளையின் பட்டங்கள் பாரபட்சமின்றி விநியோகிப்பதற்காக அருட்தந்தை ஆயரிடம் ஒப்படைக்கப்பட்டது. பல்வேறு கிறிஸ்மஸ் பாடல்கள், நடனங்கள் போன்றவற்றால் அலங்கரிக்கப்பட்ட இந்நிகழ்வில் பதுளை பதவியில் சேவையாற்றிய 375 தம்ம ஆசிரியர்களும் பாராட்டி பரிசில்கள் வழங்கி வைக்கப்பட்டனர். இந்நிகழ்வில் பதுளை ஆயர் அருட்தந்தை ஜூட் நிஷாந்த டி சில்வா தலைமையில், வழிபாட்டாளர்கள் மற்றும் அருட்சகோதரிகள், புத்தசாசன சமய கலாசார அலுவல்கள் அமைச்சர் விதுர விக்கிரமநாயக்க, கிறிஸ்தவ அலுவல்கள் பணிப்பாளர் சதுரி பிந்து, தம்ம ஆசிரியைகள், தம்ம பாடசாலை மாணவர்கள் உட்பட பலர் கலந்துகொண்டனர். .